මාඋස්සාකැලේ ලංවිම ඉඩමක් සුපිරි හෝටලයක් ගහන්න අරාබියට දෙන්න යයි!

මාඋස්සාකැලේ ලංවිම ඉඩමක් සුපිරි හෝටලයක් ගහන්න අරාබියට දෙන්න යයි!

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක්, සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් සදහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී සමාගම වෙත මෙම ඉඩම බදු දීමට නියමිතව ඇත.

ඒ අනුව, අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එම සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අදාල හෝටල් ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලිනය 25 ක වටිනාකමකින් යුතු එකකි.

Share This