මතුගම දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරයි

මතුගම දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරයි

මතුගම, ඕවිටිගල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපාකොටා අද (03) අලුයම පුද්ගලයකු ඝාතනය කර තිබේ.

මතුගම පොලිසිය සඳහන් කළේ, එම්.කලන නැමැති එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර ඇති බවයි.

නාඳුනන පුද්ගලයන් පිරිසක් අද (03) අලුයම් කාලයේ පැමිණ මෙම පහරදීම සිදුකර ඇති අතර, බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට මෘතදේහය නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.