මතීෂට ඉදිරි සියලුම තරග අහිමි වීමේ අවදානමක්?

මතීෂට ඉදිරි සියලුම තරග අහිමි වීමේ අවදානමක්?

ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (20) ප්‍රකාශ කර තිබේ.

මතීෂ පතිරණ මීට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේ පන්දුව යොමු කිරීමේදී උරහිසේ ආබාධයකට ලක් වූ බවත්, ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් සහය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කළේය.

මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වීමේ අවදානමක් ඇති බවද කණ්ඩායම් ආරංචිමාර්ග සඳහන් කරයි.

Share This