ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් හිමි කරගැනීමට සමත් වූ අතර මෙම තරගය පරාජය නොවී සිටීම තරගාවලි පරාජයෙන් ගැලවීම සඳහා අනිවාර්ය වනු ඇත.

එමෙන්ම 2014 වසරේ සිට එංගලන්තයට එරෙහිව එකඳු ටෙස්ට් තරඟයක් හෝ ජයග්‍රහණය නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වනු ඇත.

මෙම තරගය පැවැත්වෙන දින 5 පුරාවටම වර්ෂාවක් ඇතිවීම සඳහා ඉතා සුළු ඉඩක් පවතින බවටත්, දින 5 පුරාම හොඳ හිරු එළියක් පතිත වනු ඇති බවටත් කාලගුණ අනාවැකි පළ වී තිබේ.

මේ හේතුවෙන් කාසියේ වාසිය ලබාගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා වැඩි ඉඩක් පවතියි.

ශ්‍රී ලංකා කණ්ඩායම

නිශාන් මධුෂ්ක, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, මිලාන් රත්නායක