ඉන්දු – ශ්‍රී ලංකා T20 තරඟය බලන්න එන්න ඉන්න අයට විශේෂ දැනුම් දීමක්

ඉන්දු – ශ්‍රී ලංකා T20 තරඟය බලන්න එන්න ඉන්න අයට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (27) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි කර අවසන් බවයි තරඟ සංවිධායකයින් දැනුම් දෙන්නේ.

එබැවින් අද තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රීඩාංගණයට හෝ වෙනත් ප්‍රවේශපත්‍ර කවුන්ටරයකට නොපැමිණෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා පස්වරු 4.00 සිට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව පවතින බවයි පැවසෙන්නේ.