
ජනපති මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධානියා හමුවෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවී තිබේ.
ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මෙම හමුව සිදු කෙරිණි.ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් ද වේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවදානය යොමුකර තිබේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙන්නේ හෙට (12) දිනයේදීයි.
අද (11) සිට ලබන 13 වැනිදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය සමුඵව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.