අපේ සාකච්ඡාව සමාජ මාධ්‍යයට දැම්මේ ජනාධිපතිගෙම කට්ටිය – වයිරල් කළේ රතු අලි ටික

අපේ සාකච්ඡාව සමාජ මාධ්‍යයට දැම්මේ ජනාධිපතිගෙම කට්ටිය – වයිරල් කළේ රතු අලි ටික

තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටය ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින්ම නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

“වික්‍රමසිංහ දේශපාලන වශයෙන් බංකොලොත් වීමට ආසන්න බැවින් ඔවුන් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

“පසුගියදා පිළියන්දල අවමංගල්‍ය උත්සවයකදී මට වික්‍රමසිංහ මහතා හමුවූනා. ඔහු තීරු බදු රහිත මෝටර් රථ බලපත්‍ර ගැන කතා කරමින් සිටියා.

මම කිව්වා ඔහුට මුදල් අමාත්‍යවරයාගේ බලතල අනුව එවැනි බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දීමට අත්සන් කරන්න පුළුවන් කියලා. මේකයි වුණේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“රතු අලියත් මේ ක්ලිප් එක swipe කරලා හැම තැනම share කරන බව ඔහු වැඩිදුරටත් කීය.