කොළඹ ප්‍රධාන පාසලක් අසල ගසක් කඩා වැටෙයි

කොළඹ ප්‍රධාන පාසලක් අසල ගසක් කඩා වැටෙයි

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.

අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර ඉන් වාහන කිහිපයකටද අලාභ හානි වී ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ නගර සභාව මේ වන විට ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අතර මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

Share This