පැය 6කට පසු මනූෂ CIDයෙන් පිටව යයි

පැය 6කට පසු මනූෂ CIDයෙන් පිටව යයි

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා පැය 6ක් පමණ එහි සිටි බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කෙරියාවේ රැකියා අවස්ථා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු මෙලෙස කැඳවා තිබුණා.