මනෝජ් ගමගේ හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට

මනෝජ් ගමගේ හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට

නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (30) පස්වරුවේ විජේරාම පිහිටි හිටපු අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ මනෝජ් මහතා හට පිරිනමනු ලැබුවා.

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ ඔහු හට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමක් පිළිබඳ ව ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කරනු ලැබුවේ ද මනෝජ් ගමගේ මහතායි.

මෙම පත් කිරීම දෙසැම්බර් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි සිදු කර ඇති බවයි පැවසෙන්නේ.