හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා, මිය යන විට 92 වැනි වියේ පසුවිය.
2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇත.