මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර මහතා ඊයේ (07) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1941 වසරේ ජනවාරි 20 වන දින උපත ලද ඒ මහතා මියයන විට 83වන වියේ පසුවුණා.

ඔහු මෙරට බිස්කට් කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ පුත්‍රයා ද විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සදහන් කරයි.

බිස්කට් නිෂ්පාදන ආයතනයක් ලෙස වර්ෂ 1956 දී පමණ කොළඹ කොටහේන ප‍්‍රදේශය කේන්ද්‍රකොට ආරම්භ කරන ලද මැලිබන් ව්‍යාපාරය ඉන් අනතුරුව වර්ෂ 1965 දී පමණ රත්මලාන ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිය නිෂ්පාදන කටයුතු අරඹන අතර එහි නිර්මාතෘ බවට පත්වන්නේ දකුණු ලක අක්මීමන ප‍්‍රදේශයේ උපන් ප‍්‍රකට දේශීය ව්‍යාපාරිකයෙක් වන දිවංගත හින්නිඅප්පුහාමි මහතා ය.

මේ වනවිට මැලිබන් සමූහ ව්‍යාපාරය යනු මෙරට පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳපොළ පවා ඉහළින් ජය ගැනීමට සමත්ව සිටින දේශීය ව්‍යාපාරික ආයතනයක් බවට පත්ව ඇත.