මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මෙසේ මියගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ පෙර මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත.

එහිදී ඔහු අවන්හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටී ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබුණි.

ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිලිස්සීයාම නිසා බරපතල තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 04 වනදා ඔහු මියගොස් ඇති බව මරණකරුගේ ඥාතීහූ පැවසූහ.

එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ දුරෙයිරාජ් රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමැති මෙම තරුණයාගේ දේහය පසුගිය දා දිවයිනට රැගෙන විත් තිබුණි.

Share This