හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
හාලිඇල ගලඋඩ බුලුගහමඩ වැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි.
මෙම මළසිරුර හාලිඇල ගලඋඩ උදේනිගම පදිංචිව සිටි ආර්.ඩී.ධම්මිකා ලතා (42) නැමති තිදරු මවගේ බවට මරණකාරියගේ සැමියා විසින් හඳුනාගත් බවද පොලිසිය කීය.
මෙම කාන්තාව කිසියම් රෝගී තත්වයකින් පෙලෙමින් සිට ඇති බවත්, ඇය ඉකුත් 18 වන දින උදෑසන සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ සැමියා විසින් කන්දෙගෙදර පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය පැවසීය.
ලැබුණු තොරතුරක් මත බුලුගහමඩවැවේ පාවෙමින් තිබූ මෙම කාන්තා මළසිරුර සොයා ගන්නා විටත් මළසිරුර ඉදිමි දුගඳ හමමින් තිබිනැයි පොලිසිය සදහන් කළේය.