හිටපු මැතිවරණ කොමසාරිස්ගෙන් පෝස්ටර් විරෝධයක්

හිටපු මැතිවරණ කොමසාරිස්ගෙන් පෝස්ටර් විරෝධයක්

නාම යෝජනා බාරගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා – ප්‍රාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති ක්‍රමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිවෙස ඉදිරිපිට පොස්රටයක් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළකර සිටියේය.

මහජන ඡන්දයෙන් තේරි පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි එම දැන්වීම්වලින් ප්‍රදර්ශනය කෙරේ.

අම්බලන්ගොඩ – බටපොළ මාර්ගයේ යන එන අය බල බලා යනු දක්නට ලැබූ අතර ඒ අතරින් බොහෝදෙනා මහින්ද දේශප්‍රිය මහතා කළ මේ ක්‍රියාවට ස්තූති කරමින් ජයගෝසා නගමින් සිය සහාය පළ කළහ.

Share This