මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක්

මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක්

ප්‍රශ්න ඇසීමේ වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ලැබෙන්නේ විනාඩි හතක් අටක් පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා කාලය සාධාරණ විදියට බෙදීමට කටයුතු කරන්නැයිද ඉල්ලීමක් කළේය.

“අපේ මන්ත්‍රීවරුන් මේකෙන් බරපතළ අපහසුතාවයට පත්වෙලා ඉන්නවා” යැයිද ඔහු සඳහන් කළේය.

Share This