මෛත්රී අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිසමට
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීමට මුදල් ලබා ගත් බවට කියැවෙන සිද්ධියක් පිළිබඳව පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු අද අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.
එම කොමිසම පවසන්නේ මෛත්රීපාල සිරිසේන මහතාගෙන් මේ වනවිට ප්රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.
2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළ තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට අභියාචනාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණා.
අනතුරුව මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර තිබෙනවා.
2019 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා මෙම විත්තිකරුට නියම වී තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්රදානය කිරීමට එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කළා.