මෛත්‍රී ට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

මෛත්‍රී ට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 19දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවැන්න මහත්තුරු පැවරු නඩු තුනක් ප්‍රකාරව මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණ.

මෙම නඩුවල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,සාරතී දුස්මන්ත ,නිමල් සිරිපාලද සිල්වා,හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් නම් කර තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශවය පසුගිය මාර්තු මස 30වෙන දින කැඳවා තිබු නීති විරෝධී විධායක රැස්වීමකදී පක්ෂයේ භාණ්ඩාගාරික ජාතික සංවිධායක හා ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම නඩු පවරා තිබිණි.

වාරණ නියෝග වලට එරෙහිව විත්තිකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙන්නැයි කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව අදාළ වාරණ නියෝග ජූලි 30 වැනි දින දක්වා යළි දීර්ඝ කිරීමට නියෝග කරමින් නඩු විභාගය එදින තෙක් කල් තැබීය.

Share This