අතුරු තහනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් අභියාචනා පෙත්සමක්

අතුරු තහනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් අභියාචනා පෙත්සමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනා පෙත්සමක් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් පැවරු මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වගඋත්තරකරු ලෙස මොන්ටිගෝ සරච්චන්ද්‍ර මහතා නම් කර ඇත.

Share This