මිලියන 100 ක වන්දියෙන් 58 ක් ගෙව්වා, ඉතිරිය ගෙවන්න වසර 06 ක් ඕන – මෛත්‍රී

මිලියන 100 ක වන්දියෙන් 58 ක් ගෙව්වා, ඉතිරිය ගෙවන්න වසර 06 ක් ඕන – මෛත්‍රී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.