මෛත්‍රී ලා තැන වෙනස් කරයි!

මෛත්‍රී ලා තැන වෙනස් කරයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අර්බුදය හේතුවෙන් එම පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු වෙනත් ස්ථානයක සිට කරගෙන යාමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවය තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් එම වැඩකටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්.

පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු හේතුවෙන් ස්ථිර ස්ථානයක දේශපාලන කටයුතු සඳහා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පවා කැඳවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බවද වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ වෙනත් ස්ථානයක සිට පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරගෙන යාම වඩාත් උචිත බව නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය පෙන්වා දී තිබේ.

ඒ අනුව, නව දේශපාලන මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් දිවයින පුරා සිටින දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Share This