හිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනපති යාපනයේ සංචාරයක

යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනය සර්ව ආගමික නායකයන් හමුවිය.

යාපනය නල්ලූර් කෝවිලට ගොස් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා, යාපනය ශ්‍රී නාග විහාරයට හා යාපනය මොහිදීන් ජුම්මා දේවස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

ආගමික වතාවත්වලින් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල නාහිමි බැහැදැකීමෙන් අනතුරුව යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා රදගුරු නිල නිවසේදී හමුවූ අතර එහිදී සාකච්ඡාවකද නිරතවිය.

උතුරේ ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම හා තවමත් නොවිසිඳුණු උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ආගමික නායකයින් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡා පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දහම් සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share This