නායකයින් බිහි වන්නේ ජනතාව අතරින්

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින්

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය

ඒ මහතා එසේ පැවසූවේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු ජන එක්සත් පෙපෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී පොදු ජන එක්සත් පෙරමුණ තවමත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු තෝරා ගෙන නොමැති බව ද පැවසීය .

මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බීජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට ” සහභාගී වීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී මෙලෙස අදහස් දැක්වීය .

මෙම සංවත්සර උළෙල 06/28 දින චීනයේ බීජිං නුවර මහජන ශාලාවේ පවත්වා තිබුණි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී මැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් , එම සාකච්ඡා සාර්ථක බවත් චීන රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත් යහපත් ස්ථාවරයක පසු වන බවත් පැවසීය .

Share This