නිකලස් මදුරෝ තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට

නිකලස් මදුරෝ තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට

වෙනිසියුලාවේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් නිකොලස් මදුරෝ තුන්වැනි වරටත් එරට ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (28) පැවැති ජනාධිපතිවරණයෙන් මදුරෝ සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂය, විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින් සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට 80ක ප්‍රතිඵල ඔහුට හිමි වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිකොලස් මදුරෝ යනු, වෙනිසියුලානු අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයාය.

හියුගෝ චාවේස් 2013 දී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එම ධුරයට පත්වූ මදුරෝ මෙවර සිය තුන්වැනි ධුර කාලය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණි.

මදුරෝට අභයෝග කිරීමට විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරුටියා උත්සාහ ගත් නමුත් ඔහුට හිමිවුයේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

විපක්ෂ නායක එඩ්මුන්ඩෝ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් පිහිටුවූ සන්ධානයෙනි.