මහජන මුදල් කාබසිනියා කරමින් ජෝගී නටන රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය!

මහජන මුදල් කාබසිනියා කරමින් ජෝගී නටන රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය!

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ලියති

එම්. ඊ. මධුරිකා ජෝෂප් වෙනින්ගර් යනු වර්තමානයේ රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපතිවරියයි.

මධුරිකා විදේශ සේවයට එක්වන්නේ 1998 වර්ෂයේදීය.

ඒ තම නාරී දේහය එවකට රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ වසන්ත රාජාගේ දෑස් පිනවීම සඳහා පූජා කිරීමෙනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයෙකු වු වසන්තරාජා, මධුරිකා ජෝෂප්ගෙන් ඇති පදමට ප්‍රයෝජන ගත්තේය.

1999 වසරේ දී කොළඹ නගර සභා රැස්වීමේ සිදු වූ චන්ද්‍රිකා ඝාතන තැත සඳහා ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුයේ මෙම බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි වසන්තරාජා වෙතය.

මේ බව 2017 වර්ෂයේදී නෝර්වේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු එරික් සෝල්හයිම් විසින්ද තහවුරු කර තිබුණි.

ඊ.ටී.වී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටි මධුරිකා ජෝෂප්, වසන්තරාජාව දැලේ දාගත්තේ කෙසේදැයි ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කිරීමත් අපුලජනකය. (මධුරිකා වෙනින්ගර් නමින් මධුරිකා හඳුන්වනු ලබන්නේ ඕස්ට්‍රියානු ජාතික Wolf Gang Wenninger සමඟ 2006 වර්ෂයේ විවාහවීමෙන් පසුවය.)

රාජ්‍යතාන්ත්‍රිකයන් පත් කිරීමේ නිසි ක්‍රමවේදය පවා අනුගමනය නොකරමින් හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රීගේ පිහිටෙන් රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම ලබාගන්නා මධුරිකා ජෝෂප් වෙනින්ගර් මේ වන විට රුමේනියාව තුළ ශ්‍රී ලංකාවේ නාමය කෙළසමින් සිටී.

තානාපති කාර්යාලය ඥාතීන්ට නේවාසිකාගාරයක් වෙලා

රුමේනියාව යනු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පනස්දහසක් පමණ විවිධාකාරයේ රැකියාවන්හි නිරත වෙමින් දුක් කම්කටොළු විඳ දරා ගනිමින් විදෙස් විනිමය අප රටට යොමු කරන රාජ්‍යයකි.

සේවායෝජකයන්ගේ විවිධ තාඩන පීඩන, වීසා කාලය ඉකුත් වීම් සහ රැකියා බලපත්‍රයන් නියමිත කාලය තුළ නොසෑදීම නිසා ඔවුන් පත්වන අපහසුතාවයන් මෙවැනි ලිපියක සටහන් කිරීම අපහසුය.

ඉන්න හිටින්නට තැනක් නැති වූ විට මහපාරේ, විවිධ උද්‍යානවල ඔවුන් රැය පහන් කරන්නේ කරගන්නට කිසිවක් නොවූ විටදීය.

මධුරීකා වෙනින්ගර්ට ඒවා පවසන්නට ගියහොත් අසන්නට වෙන්නේ අමු තිත්ත කුණුහරුපයන්ය.

අමුතු යුවලක්, අමුතු සෙල්ලමක්..

එසේ තිබියදී මධුරිකා වෙනින්ගර් අමුතු සෙල්ලමක් නටන්නට පටන් ගෙන ඇත.

ඒ තානාපති කාර්යාලය තම හිතවතුන්ගේ බූදලයක් බවට පත් කොට එහි නේවාසික පහසුකම් ලබා දීමට කටයුතු කිරීමයි.

පසුගිය සෙනෙසුරාදා රාත්‍රීයේ කුවේටයේ සිට පැමිණි යුවලකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදි ජනරජයේ මුදලින් නඩත්තු වෙන තානාපති කාර්යාලයේ ඉහළ මාලයේ කාමරයක නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත.

මේ ලිපිය ලියන මොහොත වන විටත් එම යුවල ඉහළ මාලයේ කාමරයක උයා පිහා ගනිමින් දුම් ගස්සවමින් නැවතී සිටී.

මෙම යුවල ඇතැම් දිනයන්හි තානාපති කාර්යාල පරිශ්‍රයෙන් රාත්‍රී 9 ට පමණ පිටත්ව පාන්දර 3ට පමණ වෙරිමතින් පැමිණෙන අතර දිවා කාලයේදී රහසිගතව ඉහළ මහලේ කාමරයකට වී සිටිති.

මේ අතර තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ හිමිකරුවන් පසුගිය දිනක පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම යුවල දකිනු ඇතැයි සැකයෙන් ඔවුන්ගේ බෑගයන් තානාපති කාර්යාලයේ වාහනයකට හදිසියේ දමා ඇත.

මෙසේ තානාපති කාර්යාල පරීශ්‍රය තුළ රහසිගතව නවතා ගෙන ඇති යුවළ සම්බන්ධයෙන් අපට පැන නැඟි ඇති ප්‍රශ්නයන් මෙසේය.

මෙසේ ශ්‍රී ලංකා ජනරජයට අයත් රුමේනියානු තානාපති කාර්යාලයේ ඉහළ මහළේ නැවතී සිටින මෙම යුවල කවුරුන්ද?

ඔවුන් බුකරෙස්ට් ගුවන් තොටුපොළෙහි සිට තානාපති කාර්යාලය දක්වා රැගෙන ඒමට 2024/10/05 වන දින තානාපති කාර්යාලයට අයත් CD 224102 රථය යොදා ගැනීමට අනුමැතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද?

මෙම යුවලට බුකරෙස්ට්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නැවතී සිටිමට අවසර ලබා දුන්නේ කවුරුන්ද?

ඒ සඳහා විදේශ කටයුතු අමත්‍යාංශයෙන් අවසර ලබා දුන්නේ ද?

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හෝ ලේකම් අරුණි විජේවර්ධන මේ පිළිබඳව දැනුවත්ද?

වෙනත් රාජ්‍යයක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යනු රාජ්‍යත්‍රාන්ත්‍රික විනිර්මුක්තිය සහිත භූමි ප්‍රදේශයකි.

එහි සිදුවන දෑ විමර්ශනය කිරීමට හෝ එහි සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සත්කාර රාජ්‍යයට හැකියාවක් නොමැත.

මෙසේ රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටිමින් විනර්මුක්තිය ලබන මෙම යුවල කිසියම් අපරාධයක් සිදු කර කුවේටයේ සිට පැමිණි යුවලක් නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගනු ලබන පියවර කුමක්ද?

මුදල් වංචා කර පැනපු ජෝඩුවක්..

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම යුවල සඳහා නවාතැන් පහසුකම් ලබා දී ඇත්තේ තානාපතිනි මධුරිකා වෙනින්ගර්ගේ උපදෙස් පිටය.

මොවුන් කුවේටයේ සිටින ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියානුවන් පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කොට ඇත.

කුවේටයෙන් මොවුන් පැන යන්නේ රුමේනියාව වෙතය. රුමේනියාවේ මොවුන් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනරජයට අයත් තානාපති කාර්යාලයේය.

මේ වන විටත් ශ්‍රී ලංකා ජනරජයේ මුදල් අවභාවිතයේ යොදවමින් විදුලිය සහ ජලය හිතුමතේ නාස්ති කරමින් වායු සමීකරණ යන්ත්‍ර, රයිස් කූකර් සහ හොට් ප්ලේට් භාවිතා කරමින් මොවුන් නිදහසේ සිටිති.

නිශාචර ජීවිතයක්..

මධුරිකා වෙනින්ගර්ගේ ඥාතී මෙම යුවල රාත්‍රී කාලයේ තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ නිල මුද්‍රාවන් භාවිතා කරමින් විවිධ කුඨ ලේඛන සාදමින් සිටිති.

නිශාචර ජීවිතයක් ගත කරන මොවුන් තානාපති කාර්යාලයේ උඩු මහලේ සිට පහළ මාලයට පැමිණෙන්නේ තානාපති කාර්යාලයේ සියලුම සේවකයින් පිටත්ව ගිය පසුවය.

කොන්සියුලර් අංශයේ හා අනෙකුත් තානාපති කාර්යාලයේ වැදගත් ලිපි ලේඛන අදිමින් මොවුන් පරීක්ෂා කරන්නේ කුමක්ද?

පිටුපස ඇති රහස කුමක්ද?

මධුරිකා වෙනින්ගර් කාමර දොළහකින් යුත් අති සුඛෝපභෝගී නිල නිවසක පදිංචියට යන්නේ සුපිරි හෝටලයන්හි මාස දෙක හමාරකට ආසන්න කාලයක් නැවතෙමින් මහජන මුදල් කබාසිනියා කිරීමෙන් අනතුරුවය.

එම නිල නිවසේ පදිංචිව සිටිනුයේ මධුරිකාත් ඇගේ කුලවද්දා ගත් දාහතර හැවිරිදි පුතුණුවනුත් පමණි.

අවශ්‍ය නම් එම යුවලට මධුරිකාගේ නිල නිවසේ නවාතැන් දෙන්නට තිබුණි.

එසේ තිබියදී මධුරිකා තානාපති කාර්යාලයේ ඉහළ මාලයේ මෙම පිරිසට නවාතැන් ලබාදීමට කටයුතු කරනුයේ ඇයි? එහි පිටුපස ඇති රහස කුමක්ද?

මෙසේ තම චෞර ඥාතීන්ට මධුරිකා වෙනින්ගර් ඒ ආකාරයෙන් සලකන විට තානාපති කාර්යාලයේ සේවකයන්ට සලකනුයේ වහල්ලුන්ට ආකාරයටය. ඔවුන්ට ආහාර ගැනීමටවත් ස්ථානයක් නොමැත.

ශීත කාලයේදී ආහාර රත් කරගැනීම සඳහා රජයේ මුදලින් මිලදී ගත් මයික්‍රොවේව් උදුනවත් ඔවුනට භාවිතා කරන්නට මෙම උම්මන්තක ගැහැණිය ඉඩ ලබා දෙන්නේ නැත.

රාජ්‍ය දේපළ අවභාවිතා කරලා…

මධුරිකා වෙනින්ගර්ගේ මේ වන විට විවාහ වී ඇති හැට නම හැවිරිදි ඕස්ට්‍රියානු ජාතික වයෝවෘධ සැමියා තම ඥාතීන් සමඟ රුමේනියාවට පැමිණ ඇත.

රුමේනියානු තානාපති කාර්යාලයේ නිලධාරින් සඳහා CD 224102 අංක දරන X- TRAIL රථයත් තානාපතිනිය සඳහා කළු පැහැති මර්සිඩීස් බෙන්ස් රථයත් වෙන් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පවතින ආයතනික රෙගුලාසින්ට අනුව තානාපති කාර්යාලයට අයත් නිල රථයක් අමාත්‍යාංශයේ අනුමැතිය ලත් නිල රියදුරෙකු හෝ නිලධාරියෙකු හැර වෙනත් පුද්ගලයෙකුට ධාවනය කළ නොහැකිය.

එසේ තිබියදී 2024/10/11 වන දින රාත්‍රීයේ මධුරීකා වෙනින්ගර්ගේ ස්වාමි පුරුෂයායැයි හඳුන්වාදෙන හැට නම හැවිරිදි වයෝවෘධ ඕස්ට්‍රියානු ජාතික මහල්ලා විසින් තානාපති කාර්යාලයේ ඇති CD 224102 අංක දරන X- TRAIL රථය තානාපති කාර්යාලයෙන් රැගෙන ගොස් ඇත.

ඒ ඕස්ට්‍රියාවේ සිට පැමිණි තම ඥාතී හිතවතුන් සමඟය. මෙම ලිපිය පළවන විටත් එම රථය ඇත්තේ ඕස්ට්‍රියානු ජාතික Wolf Gang Wenninger භාරයේය.

ශ්‍රී ලංකාවට අයත් රාජ්‍ය දේපළ මෙසේ ඕස්ට්‍රියානු පුරවැසියෙකුට පරිහරණය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද?

රජයට අයත් වාහනයක් මෙසේ අනීතිකව භාවිතා කිරීමට අවසර ලබා දුන්නේ කවුරුන් විසින්ද ?

යම් හෙයකින් මෙම වයෝවෘධ මහල්ලා විසින් මෙය පදවා ගෙන යද්දී රථය අනතුරට පත්වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද?

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතුය.

අක්තපත්‍ර ලබාදෙන්නත් ගියේ ප්‍රමාද වෙලා…

විදේශ රටක සේවය කරනු ලබන තානාපතිවරයෙකු හෝ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙකු විදේශ රට තුළ නියෝජනය කරනුයේ මව් රාජ්‍යයේ රාජ්‍ය නායකවරයා වේ.

එසේම අක්තපත්‍ර පත්‍ර ප්‍රදානය කිරීම ද රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරියෙකුගේ ජීවිතයේ සුවිශේෂිතම සංධිස්ථානයක් වේ.

රුමේනියානු ජනාධිපති කාර්යාලයෙන් මධුරීකා වෙනින්ගර්ට අක්තපත්‍ර ලබාදීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා කැඳවා තිබුණි. ඒ මධ්‍යහ්න 12 ටය.

මධුරිකා ජෝශප් වෙනින්ගර්ට ජිවිතයේ කිසිම දෙයක් නියමිත වේලාවට සිදුකර කිසිදු පුරුද්දක් නොමැත. එය රාජකාරි ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද එසේමය.

සුපුරුදු පරිදි අක්තපත්‍ර ප්‍රදානය කිරීමට මධුරිකා වෙනින්ගර් යන්නේ පැයක් ප්‍රමාදව ය.

නියමිත වේලාවට නොපැමිණි නිසා ජනාධිපති මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මධුරීකා වෙනින්ගර්ව ඇතුළට ගන්නේ නැත.

පැයකට ආසන්න කාලයක් එළියේ තබා පසුව ජනාධිපති මන්දිරය තුළට කැඳවා ගන්නේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම හේතු කොටගෙනය.

මෙසේ ශ්‍රී ලංකාවේ නාමය රුමේනියාව තුළ මෙම තැනැත්තිය අපකීර්තියට පත් කරන්නේ වරක් දෙවරක් නොවේය.

මීට පෙර අවස්ථා දෙකකදී රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවඥාවට ලක්ව සිටින මධුරිකා වෙනින්ගර් මෙවර ද ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර ඇත.

මධුරීකාගේ දුෂණ යට ගසන අදෘෂ්‍යමාන හස්තයක් අමාත්‍යාංශයේ…

මධුරිකා වෙනින්ගර් යනු ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින අංක එකේ දූෂිතම වංචාකාරියෙකි.

දුෂණ අතින් ඇයව පසුකර යන්නට මේ ඉතිහාසයේ කිසිවෙකු සිට නැත. ඉදිරියට ද එසේමය.

2018 – 2022 යන වර්ෂයන්හී ජර්මනියේ ප්‍රෑන්ක්ෆර්ට්හී සිටියදී එම කොන්සියුල් කාර්යාලය කාබාසිනියා කර එය වසා දමන තත්ත්වයට ඇද දැමුවාය.

එම කාර්යාලයට අයත්ව තිබු බෙන්ස් රථය යුරෝ පහළොස්දහසක මුදලකට විකුණා යුරෝ හයදාහක් පමණක් ශ්‍රී ලංකා රජයට බැර කර යුරෝ නමදාහක් යටි මඩි ගැසුවාය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ නම නැති කර දැමුවේ මෙවැනි උම්මන්තක ගැහැණුන්ය.

එහෙත් කිසි දිනක නිදහසට කරුණු වීමසීමක්වත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්ද පණ ඇති ලේකම් කෙනෙකු සිටියේ නැත. අදට ද තත්ත්වය එසේම ය.

මෙසේ මැයට ආරක්ෂාව සපයන අදෘෂ්‍යමාන හස්තය කවුරුන්ද?

දුෂණ, වංචා, හොරකම් සහ සල්ලාලකමෙහි යෙදෙන මෙවැනි මානසික රෝගීන් ආරක්ෂා කිරීමට විදේශ කටයුතු
අමාත්‍යාංශය කටයුතු කරනුයේ ඇයි? අපට ඇති ප්‍රශ්නය එයයි.

අප එකක් සිහියට ගත යුතුය.

හෑත්තෑ හය වසරක ශාපයක් ගැන කථා කරන අපි දේශපාලනඥයින්ට එහි වගකීම බැර කිරීමට කිසිදු පැකිලීමක් නොකරමු.

එහෙත් එවැනි දේශපාලනඥයින්ට වඩා රටට හානියක් සිදු කර ඇත්තේ සහ අදටත් කරමින් සිටිනුයේ මධුරීකා වෙනින්ගර් වැනි උම්මන්තක රෝගීන්ය.

පුනරුද යුගයෙන් පනස් හත් ලක්ෂයක් අපේක්ෂා කරනුයේ මෙවැනි උම්මන්තක, වනචර, සල්ලාල මානසික රෝගීන් සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමය.

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසිනි.