මදුරන්කුලියේ අතුරුදන් වූ දරුවා පන්සලක මහණ වී සිටියදී හමුවෙයි

මදුරන්කුලියේ අතුරුදන් වූ දරුවා පන්සලක මහණ වී සිටියදී හමුවෙයි

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය පවසයි.

මෙම දරුවාගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇති අතර ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චි අම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි.

මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 වන දා මදුරන්කුලියේ සුබෝධි නමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.

එලෙස පැවිදි දිවියට පිවිසි සුබෝධි පොඩි හාමුදුරුවන්ගෙන්, ආච්චි අම්මා, තාත්තා, පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි කළ විමසීමේදී “මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම” යැයි ප්‍රකාශ කර තිබේ.

Share This