මැදවච්චියේ දරුණු බස් රථ අනතුරක් – කාන්තාවක් මරුට
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහ කුඹුගොල්ලෑව ප්රදේශයේදී පාරෙන් ඉවටට පැන පෙරළී යාමෙන් එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු ලබා තිබේ.
මෙම බස් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා එය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි, පූනෑව පොලීසිය පවසන්නේ.
තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසුවයි, මියගොස් ඇත්තේ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි කාන්තාවක්.
මැදවච්චිය හා පූනෑව පොලීසි විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.