ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන වලට නීතිය ක්‍රියාත්මක කරනවා
වසර 24ක් තුළ පාර්ලිමේන්තුව පිරිහෙන ආකාරය තමන් දැක ඇති බවත් යළි පාර්ලිමේන්තුව ප්රතිශ්ඨාපනය කිරීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් පැවසීය.
පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවට විවෘත මධ්‍යස්ථානයක් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් වැඩිම ප්‍රමාණයක් ආණඩුවක් වෙනුවෙන් ඡන්දය දුන් පළමු අවස්ථාව මෙය බවත් ජනපතිවරයා පැවැසීය.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි චිත්‍රයක් නොමැති බවත් රාජ්‍ය සේවකයා තුළද තෘප්තියක් නොමැති බවත් ඔහු පැවැසීය.
යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති කෙරෙහි රාජ්‍ය සේවකයන්ගේ කැමැත්ත පෙන්වා ඇති බවත් ඔහු පැවැසීය.
රටක් හැරවීමේදී දේශපාලකයන් මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත් ඔහු පැවැසීය. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන් වෙතින්ම කැමැත්ත පෙන්නුම් කර ඇති බවත් ඔහු පැවැසීය.
සෑම දෙනෙකුටම බියෙන් සැකෙන් තොර ජීවත්වීමේ රටක් ඇති කරන බවත් නීතියේ විධානය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
නීති සම්පාදනය කිරිම ප්‍රමාණවත් නොවන බවත් ඒවා ක්‍රියාත්මක විය යුතු බවත් ජනපතිවරයා සඳහන් කළේය.
පොදු ජනතාව තුළ නීතියේ ආධිපත්‍ය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බවත් එවැනි අවස්ථාවක යහපත් රාජ්‍යයක් ගොඩ නැගිය නොහැකි බවත් ඔහු පැවැසීය.
ජනපතිවරයා ලෙසත් ආණ්ඩුව ලෙසත් නීතියට යටත් බවත් කිසිවෙක් නීතියට උඩින් නොමැති බවත් සැම දෙනාම නීතිය යටින් සිටිය යුතු බවත් ඔහු පැවැසීය.
ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන ඇති බවත් ඒවා කාලයේ වැලි තලාවෙන් යටවී යැයි සිතුවත් එවැනි ආන්දෝලනයට තුඩු දුන් ඝාතන පිළිබඳව සාධාරණය ඉටු විය යුතු බවත් ඔහු පැවැසීය.
ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බවත් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.