හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 71 වන වියේ පසු විය.
ඒ මහතා ඊයේ (07) රාත්‍රී නිවසේ ඇද වැටීමකට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වී ඇති බවයි, වාර්තා වන්නේ.
1988 වසරේ පැවැති පළමු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් හිටපු මන්ත්‍රීවරයා සිය දේශපාලන ගමන ආරම්භ කළේය.
මධ්‍යම පළාත් සභාවේ ආරම්භක සභිකයෙකු මෙන්ම අමාත්‍යවරයකුද වූ ඒ මහතා තෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර 2015 යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.
ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළේය.
ඒ මහතාගේ දේහය ගම්පොළ පාරේ වැලිගල්ල ගල්ගෙඩියාව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සිකුරාදා (10) සවස 6.00 ට මහයියාව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.