LPL තරග පාවාදීම යෝජනා කිරීමට උත්සාහ කළ විදේශිකයෙකු අත්අඩංගුවට

LPL තරග පාවාදීම යෝජනා කිරීමට උත්සාහ කළ විදේශිකයෙකු අත්අඩංගුවට

ඊයේ (21) පැවැති LPL ක්‍රීඩක වෙන්දේසියේදී “තරග පාවාදීමට යෝජනා කිරීමට උත්සාහ කළ Dambulla Thunders කණ්ඩායමේ හිමිකරුවෙකු වන තමීම් රහමන් නම් විදේශිකයෙකු අපරාධ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීයි.

ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කරනු ලබන නඩු කටයුත්තක් මත විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ඔහුව රඳවා ගෙන ඇතැයි වාර්තා වේ .

පසුව ඔහුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ට බාරදී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.