වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න ස්වේච්ඡා නීතිඥ සංචිතයක්

වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න ස්වේච්ඡා නීතිඥ සංචිතයක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබාගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා අපයෝජන වින්දිතයන් වෙනුවෙන් වූ නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමත් බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගනිමින් කටයුතු කිරීමත් එම සංචිතයේ නීතිඥවරුන්ගෙන් අපේක්ෂා කරන අතර සියලු වෘත්තිය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බව එම අධිකාරිය සඳහන් කරයි.

නීතිඥවරයෙකු ලෙස අවු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනී සිටීම පිළිබද පළපුරුද්දක් ඇති සුදුසුකම් සහිත නීතිඥවරුන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා ඇතැයිද එම අධිකාරිය පැවසීය.