ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට වැටී අයෙක් මරුට

ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට වැටී අයෙක් මරුට

අඹගස් දෝව සපුගල්ල ප්‍රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඹගස් දෝව පොලිසිය පවසයි.

ඊයේ (11) උදෑසන සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, අවුරුදු 46 ක් වූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

දැව කඳන් පැටවූ ලොරිය කානුවකට වැටීම හේතුවෙන් ලොරිය නැවත මාර්ගයට ගැනීම සඳහා දැව කඳන් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරු සිදුවී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.