ලොකු පැටී උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට පියවර
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.
ලොකු පැටී නැමැත්තා බෙලරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවටත් ඔහු එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවටත් පළවන වාර්තා අසත්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව එරට බලධාරීන් ප්‍රකාශ කල බවයි, ඔහු පැවසුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට රැගෙන ඒම සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද , ඔහු සඳහන් කළේය.