ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්
ලොහාන් රත්වත්තේ සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අද (02) ඔවුන් දෙපළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් තෙමහල් නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පසුගියදා මිරිහාන පොලිසිය විසින් සොයා ගත්තා.
එම චෝදනා හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.