ලොහාන් රත්වත්තේගේ බිරිඳ රිමාන්ඩ්
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ඇය අද (04) නීතිඥයකු මාර්ගයෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.
ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය විසින් අදාල නියෝගය ලබා දුන්නාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඇය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මංචනායක මහතා අධිකරණයට කරුණු දැක්වූවද එය ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.