ලිට්‍රෝ ගෑස් මිල අඩු උනේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් මිල අඩු උනේ මෙහෙමයි

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇත.

එහි නව මිල රුපියල් 3,638කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681කි.