ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ලිපියක් මගින් ඔහු සිය ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි, වාර්තා වෙන්නේ.

ඒ අනුව, හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් එහි සඳහන්කර ඇත්තේ, දෙසැම්බර් 31වැනිදා දක්වා හිඟයකින් තොරව ගෑස් පවතින බවයි.