ලිට්‍රෝ ගෑස් හිඟයක්

ලිට්‍රෝ ගෑස් හිඟයක්

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව අලෙවි නියෝජිතයින් සහ පාරිභෝගිකයන් පවසනවා.

මාසයක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉල්ලුමට සරිලන ගෑස් තොග නිකුත් නොකිරීම සහ නියමිත කාල සටහන අනුව ගෑස් තොග බෙදා නොහැරිම නිසා ගෑස් හිඟය මතු වී ඇති බවයි, හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජතයන් පවසා සිටින්නේ.

තම අලෙවි නියෝජිත ආයතන සතු හිස් ගෑස් සිලින්ඩර් පවා ආයතනය විසින් රැගෙන ගියද, එම හිස් ගෑස් සිලින්ඩර් වලට අදාල ගෑස් පිරවු සිලින්ඩර් සති කිහිපයක සිට ලබා නොදුන් බවයි අලෙවි නියෝජිතයන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ලිට්‍රෝ ගෑස් නොලැබීම හමුවේ හැටන් නගරයේ ගෑස් අලෙවිසැල් කිහිපයක් වසා දැමීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.