බදු පැහැර හැරි මත්පැන් සමාගම් 9 කට වැඩ වරදී

බදු පැහැර හැරි මත්පැන් සමාගම් 9 කට වැඩ වරදී

සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය.

එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය.

මෙලෙස හිඟ බදු මුදල් 2023 ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් නවය වන්නේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම, මැක්ලම් බෲවිං සමාගම, කළුතර ඩිස්ටිලරීස් සමාගම, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම, සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම, රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම යන මත්පැන් නිෂ්පාදන සමාගම්ය.

බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවත් හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් ‘ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවාඅවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.