මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ ගියේ මෙහෙමයි
මත්පැන් සඳහා වන සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවන අතර ඒ යටතේ මත්පැන් මිලෙහි 06%ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වේ.
මේ අතර අද (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබේ.
ඒ, අනුව කාණ්ඩ හතරක් යටතේ දුම්වැටියක මිල රුපියල් 5.00ක් සහ 10.00ක් ලෙස ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
කැප්ටන් සහ ජෝන් ප්ලේයර් වර්ගයේ දුම්වැටියක් රුපියල් 5.00කින්, ඩන්හිල් සහ මිලි මීටර් 83 ප්‍රමාණයේ ගෝල්ඩ් ලිෆ් දුම්වැටියක් රුපියල් 10.00කින් වැඩිකර ඇති බව සඳහන්.