මත්පැන් මිල අඩු කිරීමේ කතාව ගැන නිවේදනයක්

මත්පැන් මිල අඩු කිරීමේ කතාව ගැන නිවේදනයක්

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරා බද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එවැනි සුරාබදු සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර හෝ එවැන්නක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් හෝ උපදෙස් ලබා දීමක් හෝ සිදු කර නොමැති බව සුරාබදු කොමසාරිස් (ආදායම් මෙහෙයුම්) චන්න වීරක්කොඩි මහතා පවසයි.

ඒ අනුව, සුරාබදු අනුපාතිකයන් පහළ හෙලීමෙන් මත්පැන් වර්ගවල මිල අඩු කිරීම සඳහා කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share This