ලයිටරයට ‌එරෙහිව ගිනිපෙට්ටියෙන් විරෝධයක්

ලයිටරයට ‌එරෙහිව ගිනිපෙට්ටියෙන් විරෝධයක්

විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් මෙරට ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට සිදුවන බලපෑමට විරෝධය දක්වමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (13) මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙරට ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනයන් පිහිටා ඇත්තේ, මහනුවර කුණ්ඩසාලේ හා පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ වන අතර, මෙම කර්මාන්තය ආශ්‍රිතව පවුල් දස දහසකට අධික පිරිසක් සේවයේ.නිරතව සිටී.

ඉන් බහුතරයක් අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන් වෙති.

නුතනයේ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සදහා විවිධ නීතිරීති පැනවුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත්, දේශීය ගිනිපෙට්ටි කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සදහා රජයේ මැදිහත්වීම අවම බව උද්ඝෝෂණයේ නිරත පිරිස් පවසති.

දේශීය කර්මාන්ත රැකදියව්, ගිනිපෙට්ටිය රැකදෙන්න – ලයිටර් ගෙන්වීමට ඉඩ නොදෙන්න, ලෙස විරෝධතා පුවරු දක්වමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරතවූ අතර බලධාරීන්ගේ අවධානය යොමුකර මෙම ගැටලුව වහා විසදීමට මැදිහත්වෙන ලෙස මොවුන් ඉල්ලා සිටියහ.