නව විදුලි සබඳතා ගැනීමේදී වාරික වශයෙන් මුදල් ගෙවීමේ අවස්ථාව

නව විදුලි සබඳතා ගැනීමේදී වාරික වශයෙන් මුදල් ගෙවීමේ අවස්ථාව

නව විදුලි සබඳතා ලබා ගැනීමේදී වාරික වශයෙන් මුදල් ගෙවීමේ අවස්ථාව ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

පාරිභෝගිකයින්ගේ විදුලි සබඳතා විසන්ධි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්.එම් ධර්මසේන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී ඒ සඳහා වැයවන මුළු මුදලින් සියයට 25ක් ගෙවා ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ

එමෙන්ම ඉදිරියේදී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට විදුලි බිල ගෙවීම වඩාත් පහසු කර ගැනීම සඳහා Prepaid කාඩ්පතක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් විදුලිය විසන්ධි කිරීමේදි ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී සහ වතුකර ප්‍රදේශ වල ජනතාව කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

Share This