විදුලි ගාස්තු 18%කින් අඩු කිරීමට සැලසුම්

විදුලි ගාස්තු 18%කින් අඩු කිරීමට සැලසුම්

නුදුරේදීම විදුලි ගාස්තු සියයට 18කින් අඩුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම ගාස්තු අඩු කිරීමට අදාළ නව යෝජනාවලිය හෙට (22) දිනයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිත බව පැවසේ.

විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කළේ ප්‍රධාන වශයෙන් රටේ බලශක්ති මිශ්‍රණයේ ජල විදුලි ප්‍රතිශතය ඉහළ යෑම හේතුවෙන් මිල අඩු කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවට මෑතකදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබුණු අතර, එමගින් ප්‍රධාන බලාගාරවල විදුලි උත්පාදන ධාරිතාව ඉහළ නංවා තිබිණි.

විදුලිය ගාස්තු අවසන් වරට වැඩිකරන ලද්දේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීය.

Share This