විදුලිය බිලට සහනයක් ජූලි මාසයේ

විදුලිය බිලට සහනයක් ජූලි මාසයේ

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනා බාරදීමට අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

එම යෝජනා මැයි මස 1 වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේය.

කෙසේ වෙතත් පසුගිය 10 වෙනිදාද ලංකා විදුලි බල මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව කොමිසම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක්ද කර තිබිණ.

Share This