විදුලි බිල අඩු කිරීම ගැන ඇමති කියන දේ
විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
විදුලි බලය අඩු කරන බව කොහේවත් කියා නැතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කුමාර ජයකොඩි මහතා මෙසේද සඳහන් කළේය.
විදුලි බිල අඩු කිරීම තමයි අපේ අරමුණ. අපි විදුලි බිල අඩු කිරීම දවසින් දෙකෙන් කරනවා කියලා කියලා නැහැ. අවුරුදු තුනක් ඇතුළත තමයි කරන්න වෙන්නේ.
පසුගිය පාලනය කරපු දූෂණවල ප්‍රතිඵල ජනතාවට අද විඳින්න සිදුවෙලා. විදුලිබල මණ්ඩලය මේ වන විට බිලියන 332 ක ණයකින් පෙළෙනවා.
වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවුණා. විදුලිය මිලදී ගන්න වැය වන මුදල වැඩියි. මේක වැඩපිළිවෙලක් ඇතුව හැදීම තමයි අරමුණ. මේකෙ පැටලිලි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන.
විදුලි බල මණ්ඩලයෙන් අපිට යෝජනා ලැබුනේ සියයට 37 ක් වැඩි කරන්න. අපි ඒක පැත්තක තියලා සකසුරුවම් කරලා තමයි මේ ගෙනියන්නේ. මේකෙ තියෙන පරණ පව් ටික හෝදන්න වෙලා තියෙනවා. අපි අපේ හිතවතුන්ට ප්‍රොජෙක්ට් දෙන්නේ නැහැ. විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය සැලසුම් ගනිමින් පවතිනවා.
දයාසිරි ජයසේකර මහතා -: අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වෙන්න කලින් විදුලි බිල ඉතාම කෙටි කාලයක් ඇතුලත ඇතුළත සියයට 35 කින් විදුලිබිල අඩු කරනවා කිව්වා. පන්දාහේ මිල 3000 කරනවා කිව්වා ඒවා අහල තමයි මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ විදුලි බල මණ්ඩලය දැන් කියනවා ජුනි මාසය වෙනකන් විදුලිය බිල අඩු කරන්න බැහැ කියලා.
ඔබතුමාලා මෙච්චර පොරොන්දු දීල ලොවෙත් නැති පොරොන්දු දීල ලොවෙත් නැති ජයග්‍රහණයක් ගත්තා. මේක තනිකරම පනත උල්ලංඝනය කිරීමක්. විදුලි බල සංශෝධනය ජුනි මාසය දක්වා කල් දැම්මේ ඇයි. මෙච්චර ප්‍රශ්න තියෙද්දී. අධික විදුලි බිල නිසා කුඩා කර්මාන්ත රැසක් වැහිලා.