ජෙනරේටර් යන්ත්‍රයක දුම ආග්‍රහණය වූ 10ක් රෝහලට

ජෙනරේටර් යන්ත්‍රයක දුම ආග්‍රහණය වූ 10ක් රෝහලට

තලවකැලේ පිහිටි වෙළෙඳසැලක ක්‍රියාත්මක කර තිබු ජෙනරේටර් යන්ත්‍රයක දුම් ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසු තත්ත්වයෙන් පසු වු තරුණියන් ඇතුළු පුද්ගලයන් 10 ක් ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබු බව තලවකැලේ පොලීසිය පවසයි.

එම වෙළෙඳසැලේ තරුණ සේවිකාවන් නව දෙනෙකු හා පිරිමි සේවකයෙකු මෙසේ රෝහල් ගත කොට තිබේ.

විදුලිය බලය විසන්ධිව තිබියදි එම වෙළෙඳසැලේ ජෙනරේටර් යන්ත්‍රය ක්‍රියාත්මක කොට ඇති අතර, එම ජෙනරේටර් යන්ත්‍ර සවි කොට තිබු බිම් මහලේ ආහාර ගැනීමට ගිය සේවකයින් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරය වී තිබේ.

හුස්ම ගැනීමේ අපහුසතාවයෙන් පෙළෙනු රෝගීන් සියලුම දෙනා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගෙන ඇතැයි ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.