ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන කාලය ගැන දැනුම් දෙයි

ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන කාලය ගැන දැනුම් දෙයි

ලබන ඔක්තෝම්බර් මාසය වන විට තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රියැදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික්ක කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share This