දේශසීමා හරහා ලැට්වියාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කල ලාංකිකයන් 5 ක් අත්අඩංගුවට

දේශසීමා හරහා ලැට්වියාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කල ලාංකිකයන් 5 ක් අත්අඩංගුවට

ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශසීමා ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

එලෙස නීති විරෝධී සංක්‍රමණිකයන් රැගෙන දේශසීමාව පසු කිරීමට පැමිණි එක් වාහනයක ඉදිරිපස සහ රියදුරු අසුන්වල සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාටම වලංගු ලැට්වියා නේවාසික වීසා බලපත්‍ර තිබූ බවත් පිටුපස සිටි ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් සය දෙනාට කිසිදු වලංගු ලියවිල්ලක් නොතිබූ බවත් දේශසීමා ආරක්ෂකයන් පැවැසුවේය.

එම පිරිස සමඟ නීති විරෝධීව දේශසීමාවට ඇතුළු වන්නන්ට සහාය වීමට පැමිණි තවත් වාහනයක සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් බව දේශසීමා ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

නීති විරෝධී සංක්‍රමණිකයන් ලැට්වියාවට ගෙන ඒමට උත්සාහ කිරීමේ වරදට අදාල චෝදනා මෙම ශ්‍රී ලාංකිකයන් පස්දෙනාට ගොනුකර ඇති බවත් වරදකරු වුවහොත් එම ශ්‍රී ලාංකිකයන් පස්දෙනාට වසර දෙකත් අටත් අතර සිර දඬුවමක් නියම විය හැකි බවත් දේශසීමා ආරක්ෂකයන් පැවසුවේය.

Share This