පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට
ඇප මත නිදහස්ව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී නැමැත්තා ඉන්දියාවේ මුම්බායිහිදී ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 09 වැනිදා ඔහු ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථයකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබූ අතර එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකිව තිබුණි.
ඔහු ‘කුඩු සලිඳු’ සමග හොර රහසේම රටින් පලාගොස් ඇති බවටයි, පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ.
කෙසේවෙතත්, ඔහු ඉන්දියාවේ සිටින බවට ලැබුණු තොරතුරක් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය බලධාරීන්ගෙන් සහය ඉල්ලා තිබේ.
එවැනි පසුබිමකයි පොඩි ලැසී ඉන්දියාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය, ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් සැකකරු ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.